මාස 10කදී ඛනිජ තෙල් සංස්ථාවට බිලියන 32ක ලාභයක්

ඛනිජතෙල් නීතිගත සංස්ථාව පසුගිය ඔක්තෝබර් මාසය වන විට බිලියන 32ක ලාභයක් ලබා ඇතැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.

පසුගිය රජයන් විසින් පෙට්‍රල් ෂෙඩ් 600කට අධික සංඛ්‍යාවක් සමාගම් තුනකට ලබාදී තිබියදීත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබන තත්ත්වයට පත්කිරීමට හැකිවූ බව ද ඇමැතිවරයා කීය. පෙට්‍රල් ෂෙඩ් මෙලෙස ලබාදීම කොළේ වසා ගැහීමක් බව ද අමාත්‍යවරයා පැවසීය.

අද වන විට සංස්ථාව ලබා ඇති ආදායම්වලින් යම් ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරයට ලබාදීමට ද කටයුතු කර ඇති බවයි. විවිධ ක්‍රමවේද භාවිත කරමින් සංස්ථාවේ ආදායම වැඩි කර ඇති අතර පෙට්‍රල් ෂෙඩ්වලින් ඒ සඳහා විශාල දායකත්වයක් ලබාදිය නොහැකි බව ද අමාත්‍යවරයා පැවසිය.

“ඛනිජතෙල් සංස්ථාවේ ආදායම 20%කින් අඩු වෙලා කියලා මාධ්‍ය වාර්තා කරනවා. තෙල් බෙදා හැරීම රජය විසින් කරන්නෙත්. මිනිස්සු තෙල් ගහන්නෙ වැඩි මිලට. කවුරුත් ණයට ගහන්නෙත් නැහැ” යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මේ බව සඳහන් කළේය.