බැංකු කාඩ්පත් මඟින් බස් ටිකට් සඳහා ගෙවී​මේ Pilot Run වැඩසටහ​න සඳුදා ඇර​ඹේ

බස් රථවල ගමන් ගන්නා මගීන්ට බැංකු කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ නියමු ව්‍යාපෘතිය (Pilot Run) එළැඹෙන නොවැම්බර් 24 වනදා ආරම්භ කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් එම කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක සඳහන් කළේ.

පළමු අදියර යටතේ ප්‍රධාන අන්තර් පළාත් මාර්ග තුනක් ඇතුළුව මාර්ග 20 ක් ආවරණය කරන අතර, ගාල්ල, මාතර සහ බදුල්ල දක්වා බස් රථවල ගමන් කරන මගීන්ට මෙලෙස කාඩ්පත් මඟින් ගෙවීමේ හැකියාව ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම ක්‍රමය ඉදිරියේදී රට පුරාම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.