ඒකාබද්ධ විපක්ෂයේ නුගේගොඩ ‘මහා ජනහඬ’ රැලියට ජන ගඟක් ගලයි

නුගේගොඩදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ ‘මහා ජන හඬ’ මහා ජන රැලියට එක්වීමට මහා ජන ගඟක් එක්වෙමින් සිටින බව වාර්තා වෙනවා.

මේ වනවිටත් නුගේගොඩ නගරය අතුරු සිදුරු නැතිව ජනතාවගෙන පිරීඉතිරී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ.

එමෙන්ම හයිලෙවල් මාර්ගයෙන්, නාවල පාරෙන්, පිටකෝට්ටේ හා ජුබිලි කණුව හාන්පරණ කැස්බෑව පාර දෙසින් ජන රැලිය පැවැත්වෙන ස්ථානය ට පිවිසෙන මාවත් දිගට විශාල ජනතාවක් ඒ දෙසට තවමත් එමින් පවතින බවද වාර්තා වෙනවා.