අද (21) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිත මහජන රැළියට අදාළව ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලීසියෙන් දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
අද දිනයේ උදෑසන 08.30 සිට උදෑසන 11.40 දක්වාත්, සවස 02.00 සිට සවස 05.00 දක්වාත් අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය පැවැත්වෙන බවත් රැළිය පැවැත්වෙන ස්ථානයට සමීපව විභාග මධ්‍යස්ථාන පිහිටා ඇති බවත් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය මගින් එම මධ්‍යස්ථාන වල සිසුන්ට බාධා ඇතිවිය හැකි බවත් එම දැනුම්දීමේ සඳහන්.
එමනිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විභාග මධ්‍යස්ථාන වලට පැමිණීමේදී සහ පිටවීමේදීත් විභාගය අතරතුරදීත් බාධාවක් සිදුනොවන අයුරින් කටයුතු කරන ලෙසට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේදී සංවිධායකයින්ට කොන්දේසි පනවා තිබෙන බවයි පොලීසිය සඳහන් කරන්නේ.
ඒ අනුව මෙම රැළිය පවත්වන පරිශ්‍රය තුළ පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන ලෙසත්, බලපත්‍ර කොන්දේසි අනුව කටයුතු කරන ලෙසත් වැඩිදුරටත් දැනුම් දී ඇති බවයි පොලීසිය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ.
එම නිවේදනය පහතින්.









