මිලියන 4,822ක් පොහොර සහනාධාර දෙයි

මෙවර මහ කන්නයට අදාළ පොහොර සහනාධාර වශයෙන් මේ වනවිට ගොවීන් 470,000 කට රුපියල් මිලියන 4,822 ක මුදලක් ලබාදී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යංශයේ ලේකම් ඩී.පී.වික්‍රමසිංහ ඊයේ (20) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කළේ, ඉදිරියේදී සියලුම ගොවීන් සදහා අවශ්‍ය පොහොර සහනාධාරය ලබාදීමට අවශ්‍ය මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වෙන්කර ඇති බවයි.

කෙසේ වෙතත්, ඇතැම් ගොවීන් චෝදනා කරන්නේ 2026 මහකන්නය ආරම්භ කර වී වැපිරීම් සිදුකර දින 15 ක් ගතව ඇතත් මේ වන තෙක් රජයෙන් ලබාදෙන පොහොර සහනාධාරය තමන්ට නොලැබුණු බවයි.