අද නුගේගොඩ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක්

නුගේගොඩදී පැවැත්වීමට නියමිත විපක්ෂයේ රැළිය හේතුවෙන් අද (21) විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

ඒ අනුව, රැළිය ආරම්භ වන දහවල් 02.00 සිට රැළිය අවසන් වන අවස්ථාව දක්වා, නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් හන්දියේ සිට නාවල මාර්ගයේ නාවල වටරවුම දක්වා වූ කොටස තුළ රථවාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතයි.

එම කාලය තුළදී රියදුරන්ට සහ මහජනතාවට ඇති විය හැකි අපහසුතා මඟහරවා ගැනීම සඳහා, පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

 news images