ඩොලර් 74,750ක හාල්මැස්සන් ගෙන මුදල් නොදී වංචා කළ ව්‍යාපා­රි­කයා අත්අ­ඩං­ගු­වට

අමෙ­රි­කානු ඩොලර් 74,750ක් වටිනා හාල්මැ­ස්සන් තොග­යක් ලබා­ගෙන මුදල් නොදී වංචා කළ ව්‍යාපා­රි­ක­යෙක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මූල්‍ය හා වාණිජ අප­රාධ විම­ර්ශන අංශය මඟින් පෙරේදා (18) අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

හාල්මැ­ස්සන් තොගය රුපි­යල් කෝටි දෙක­කට අධික වටි­නා­ක­මක් ඇතැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි.

සැක­කාර ව්‍යාපා­රි­කයා කොළඹ 15, අලුත් මාවතේ පදිං­චි­ක­රු­වෙකි. ඔහු 57 හැවි­රිදි වියේ පසු­ව­න්නෙකි.

ගයාන් කුමාර වීර­සිංහ