තායිවානය සම්බන්ධයෙන් ජපාන අග්‍රාමාත්‍යවරිය සිදුකළ ප්‍රකාශය හේතුවෙන් චීනය සහ ජපානය අතර රාජතාන්ත්‍රික මතගැටුම් තව තවත් උග්‍ර අතට පත් වී තිබෙනවා.
පසුගියදා ජපාන අග්‍රාමාත්‍ය සානේ ටකයිචි විසින් කියා සිටියේ චීනය තායිවානයට පහර දුනහොත් ජපානයට ද තම හමුදා කණ්ඩායම්වලින් ප්‍රතිචාර දැක්විය හැකි බවයි.
මෙම තත්ත්වය මත චීන සහ ජපාන විදේශ අමාත්‍ය නිලධාරින් බෙයිජිංහිදී සාකච්ඡාවක් පැවැත්වුවද ඒවාද සාර්ථක වී නැහැ.
මේ වනවිට දෙරට අතර මත්ස්‍ය ආනයන අපනයන කටයුතු ද මේ වන විට නවතා තිබෙනවා.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ අර්බුදය තවත් උග්‍ර කරමින් ඇමෙරිකාව විසින් තායිවානයට ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක ගුවන් ආරක්ෂණ පද්ධතියක් ලබාදීමට තීරණය කර ඇති බවයි.








