තරුණයෙකු අද අළුයම ඝාතනය කෙරේ

නෙල්ලිඅඩි පොලිස් වසමේ කරණවායි ප්‍රදේශයේදී අද (19) අළුයම් කාලයේ දී තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු පේදුරුතුඩුව මන්දගායි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 29ක් වූ කරණවායි, නෙල්ලිඅඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි නෙල්ලිඅඩි පොලිසිය සඳහන් කරන්නේ.

මරණකරු අළුයම් කාලයේ ලද දුරකතන පණිවිඩයක් මත යතුරුපැදියෙන් නිවසින් පිටව ගොස් ඇති අතර, ඔහු නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් මව්පියන් විසින් සොයා බැලීමේදී නිවස ආසන්නයේ මාර්ගයේ කැපුම් තුවාල සහිතව වැටී සිට ඇති බවටයි සිදු කරන විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය මන්දිගායි රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නෙල්ලිඅඩි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.