අධිකරණය මගින් ලබාදෙන නියෝගයකින් අනතුරුව ත්‍රිකුණාමලයේ විහාරස්ථානයට අයත් ඉඩම වෙන් කරදීමෙන් පසු එහි ඉදිරි කටයුතු කරගෙන යා හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට එක්වෙමින්.
එහිදී ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ, ත්‍රිකුණාමලයේ සිද්ධිය පිළිබඳව ද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් වාර්තාවක් කැඳවා ඇති බවයි.








