ආර්ථි­කය වර්ධ­නය වෙද්දී වෘත්ති­ක­යන්ට සියලු පහ­සු­කම් ලබා­දෙ­නවා

ආර්ථි­කය වර්ධ­නය වෙද්දී වෘත්ති­ක­යන්ට ලබා දිය හැකි සියලු පහ­සු­කම් ලබා දීමට කට­යුතු කරන බව කැබි­නට් ප්‍රකා­ශක, ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය.

රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ (18) පැවති කැබි­නට් තීරණ දැනු­ම්දීමේ මාධ්‍ය හමු­වට එක්වෙ­මින් ඇමැ­ති­ව­රයා මේ බව පැව­සීය. දුෂ්ක­රතා සහ විවිධ අප­හ­සුතා මධ්‍යයේ බොහෝ වෛද්‍ය­වරු අද රාජ­කාරි ඉටු කරන බවත් එහෙත් ඔවුන්ට පහ­සු­කම් සැප­යී­මේදී යම්කිසි කාල­යක් ගත­වනු ඇති බවත් ඇමැ­ති­ව­රයා කීවේය. 2022දී කඩා­වැ­ටුණු මෙරට ආර්ථි­කය මේ වන විට ස්ථාව­ර­ත්ව­යට පත් කර ඇති බවත් රජය හමුවේ තිබෙන අභි­යෝග සම්බ­න්ධ­යෙන් ද වෛද්‍ය සංග­මය සාකච්ඡා කර ඇති බවත් ඇමැ­ති­ව­රයා පැව­සීය.

රෝහල් පද්ධ­ති­යට නව ගොඩ­නැ­ගිලි, වාට්ටු සංකීර්ණ සහ නවීන වෛද්‍ය උප­ක­රණ ලබා දී ඇත. ඉදි­රි­යේදී ප්‍රවා­හන පහ­සු­කම් ඇතුළු අනෙ­කුත් දීමනා ලබා දීමට කට­යුතු කරන බව පැවසූ ඇමැ­ති­ව­රයා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැද­ගත් මානව සම්ප­තක් වන වෛද්‍ය­වරු සහ විශේ­ෂඥ වෛද්‍ය­වරු ආරක්ෂා කර­ගැ­නීම රජයේ වග­කීම බව ප්‍රකාශ කළේය.

නුවන් කොඩි­කාර