ආර්ථිකය වර්ධනය වෙද්දී වෘත්තිකයන්ට ලබා දිය හැකි සියලු පහසුකම් ලබා දීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය. දුෂ්කරතා සහ විවිධ අපහසුතා මධ්‍යයේ බොහෝ වෛද්‍යවරු අද රාජකාරි ඉටු කරන බවත් එහෙත් ඔවුන්ට පහසුකම් සැපයීමේදී යම්කිසි කාලයක් ගතවනු ඇති බවත් ඇමැතිවරයා කීවේය. 2022දී කඩාවැටුණු මෙරට ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයට පත් කර ඇති බවත් රජය හමුවේ තිබෙන අභියෝග සම්බන්ධයෙන් ද වෛද්‍ය සංගමය සාකච්ඡා කර ඇති බවත් ඇමැතිවරයා පැවසීය.
රෝහල් පද්ධතියට නව ගොඩනැගිලි, වාට්ටු සංකීර්ණ සහ නවීන වෛද්‍ය උපකරණ ලබා දී ඇත. ඉදිරියේදී ප්‍රවාහන පහසුකම් ඇතුළු අනෙකුත් දීමනා ලබා දීමට කටයුතු කරන බව පැවසූ ඇමැතිවරයා සෞඛ්‍ය ක්ෂේත්රයේ වැදගත් මානව සම්පතක් වන වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු ආරක්ෂා කරගැනීම රජයේ වගකීම බව ප්‍රකාශ කළේය.
නුවන් කොඩිකාර








