ශ්‍රී ලංකාවට පූර්ණ එක්දින තරගාවලි පරාජයක්

සත්කාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව, සත්කාරක පාකිස්තාන කණ්ඩායම හමුවේ ඊයේ පැවති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ද ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06 කින් පරාජයයට පත්වුණා.

එහිදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 45.2 කදී සියලු දෙනා දැවී ලකුණු 211 ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සදීර සමරවික්‍රම ලකුණු 48 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 34 ක් හා පවන් රත්නායක ලකුණු 32 ක් ලබා ගැනීමට සමත් වුණා.

ඊට පිළිතුරු ලෙස, කඩුලු 4 ක් පමණක් දැවී, පන්දුවාර 45.4 කදී ලකුණු 215 ක් ලබා ගනිමින් පූර්ණ එක්දින තරගාවලි ජයක් ලැබීමට පාකිස්තානය සමත් වුණා.