පසුගිය සතියේ දිල්ලියේ දී පුද්ගලයින් අට දෙනෙකුට මරු කැඳවමින් තවත් 20 දෙනෙකුට තුවාල සිදු කළ මාරාන්තික කාර් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය බලධාරීන් පවසා තිබේ.
ඉන්දීය රජය “ත්‍රස්තවාදී සිදුවීමක්” ලෙස හඳුන්වන මෙම ප්‍රහාරයට භාවිතා කළ මෝටර් රථය, මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුගේ නමින් ලියාපදිංචි කර ඇති බව ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය (NIA) පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මරාගෙන මැරෙන බෝම්බකරු යැයි කියන පුද්ගලයා සමඟ කුමන්ත්‍රණය කළ බවට ඔවුන් ඔහුට චෝදනා කර ඇත. සැකකරු ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පදිංචිකරුවෙකි.
දිල්ලියේ වඩාත් ප්‍රසිද්ධ ස්ථානවලින් එකක් වන රතු කොටුවට ආසන්න මෙට්‍රෝ දුම්රිය ස්ථානයක් අසළ දී මෙම පිපිරීම සිදුවිය.
මෙම පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් ඇතුළු සාක්ෂිකරුවන් 73 දෙනෙකුගෙන් ආරක්ෂක අංශ සිද්ධිය පිළිබඳ ප්‍රශ්න කර තිබේ.








