කොටහේන ප්‍රදේශයේදී පසුගිය දා පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ, වයස අවුරුදු 32 ක් වූ ආදුරුප්පු වීදිය, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සිද්ධිය සම්බන්ධව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ වැඩිදුර විමර්ශනයේදී අදාළ කාන්තාව ඊයේ (16) දිනයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මෙම අපරාධය සිදු කිරීම සඳහා විදේශගතව සිටින අපරාධ කල්ලි සාමාජිකයෙකු සමඟ සම්බන්ධ වී අපරාධකරුවන්ට මෝටර් රථයක් ලබාදීම සහ මරණකරු ගමන් ගන්නා මාර්ගය සම්බන්ධව තොරතුරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාට ලබාදීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී තිබෙනවා.
පසුගිය නොවැම්බර් 07 වැනි දින කොටහේන පොලිස් වසමේ 16 වන පටුමග ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදු කර තිබුණු අතර, සිද්ධිය සම්බන්ධව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනවා.








