විදේශික තරුණියක​ට ලිංගික හිරිහැ​ර ක​ළ තරුණයා අත්අඩංගුවට

තිරුක්කෝවිල් ප්‍රදේශයේ දී විදේශික තරුණියකට ලිංගික හිරිහැරයට ලක් කිරීමේ චෝදනාවකට අදාළ සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, අද (16) දිනයේ කල්මුණේ මරඳමඩු ප්‍රදේශයේ දී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සැකකරු 25 හැවිරිදි එක් දරු පියෙක් වන අතර, ඔහු සහ බිරිඳ තිරුක්කෝවිල් අවට ප්‍රදේශවල කුලී පදනම මත නිවාස කිහිපයක පදිංචි ව සිට ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු කොණ්ඩය කපා පෙනුම වෙනස් කර ගෙන සිට ඇති බවයි සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.