ලොරි රථයක් සොරකම් කර පලා යමින් සිටි සැකකරුවෙක් සිදු කළ අනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව, මෙම සිදුවීම ඊයේ (නොවැම්බර් 15) රාත්‍රියේ කඳාන පොලිස් වසමේ මාරියා මාවත ප්‍රදේශයේ දී සිදු ව ඇති අතර, ව්‍යාපාරිකයෙකු සිය නිවසේ නවතා තිබූ ලොරි රථයක් සොරකම් කර යම් අයෙකු පලා ගොස් ඇති අතර, පසුව එම ලොරි රථය පසුපස රථයේ හිමිකරු හා ඔහුගේ සේවකයින් විසින් ලුහුබැඳ තිබෙනවා.
සැකකරු ලොරි රථය නොනවත්වා පලා යමින් සිටිය දී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදි දෙකකද ගැටී අනතුරුව අසල පිහිටි තාප්පයක ගැටී මාර්ගයේ පෙරළී ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
පළමු අනතුරින් එක ම පවුලේ සාමාජිකයින් තිදෙනෙකු සහ දෙවන අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව, අවුරුදු 43ක් වූ ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
ලොරි රථය සොරකම් කර අනතුරු සිදු කළ සැකකරු ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන කඳාන පොලීසිය වෙත භාර දී ඇති අතර, සැකකරු මේ වන විට රාගම රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලීසිය සඳහන් කළේ.








