ඖෂධ වර්ග 350ක පමණ මිල මේ වනවිට පහළ දමා ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.
ඒ අනුව, ඉදිරියේදී තවත් ඖෂධ වර්ග 250ක පමණ මිල නියාමනය කරන බවයි එම අධිකාරිය සඳහන් කළේ.
ළමා රෝග, හෘද රෝග, පිළිකා, අධි රුධිර පීඩනය ඇතුළු රෝග රැසකට ලබාදෙන ඖෂධවල මිල මෙලෙස අඩුකර ඇති අතර, එහිදී ඇතැම් ඖෂධවල මිල සියයට 50ක ප්‍රතිශතයකින් අඩුවී ඇති බව ද ඖෂධ නියාමන අධිකාරිය පෙන්වා දෙනවා.
මේ අනුව, ඖෂධ සඳහා පනවා ඇති උපරිම මිල ඉක්මවා එම ඖෂධ අලෙවිකරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි එම අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.








