රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසන්නේ හෙට උදෑසන 9.30ට ජනපති සමග පැවැත්වීමට නියමිත සාකච්ඡාව තීරණාත්මක එකක් බවයි.
එම සාකච්ඡාවෙන් තමන් අපේක්ෂාකරන ප්‍රතිඵලය නොලැබුණහොත් ආණ්ඩුවේ අයවැය යෝජනාවලට එරෙහිව හෙට (17) දින සිට දිවයින පුරා දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇති බවද එම සංගමය පවසනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කළ 2026 අයවැය මඟින් තමන් ලබා දුන් කිසිදු යෝජනාවක් කෙරෙහි අවධානය යොමු කර නොමැති බව GMOA චෝදනා කරනවා.
වෛද්‍යවරුන් වෙනම වෘත්තීය කාණ්ඩයක් ලෙස පිළිගැනීම, වෙනම වැටුප් ව්‍යූහයක් ලබා දීම, අමතර රාජකාරී දීමනා යාවත්කාලීන කිරීම සහ ස්ථාවර දීමනාවක් ලෙස වැටුපට එකතු කිරීම ඔවුන්ගේ ඉල්ලීම් අතර වනවා.
සාකච්ඡා අසාර්ථක වුවහොත් රෝහල තුළ නැති ඖෂධ වෙනුවෙන් පිටතට වට්ටෝරු නිකුත් කිරීම, රසායනාගාර පරීක්ෂණ පිටතින් සිදු කිරීමට නිර්දේශ නිකුත් කිරීම ඇතුළු වෛද්‍ය සේවා කිහිපයක් සීමා කිරීමට GMOA තීරණය කර තිබෙනවා.








