උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද (16) දිනයේ දී මිලි මීටර් 100 වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බවත්, මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බර ව පවතින බවයි සඳහන් වන්නේ.
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු ව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතිනවා.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා








