නොවැම්බර් 24 වැනිදා සිට ඕනෑම බැංකු කාඩ්පතක් හරහා බස් ගාස්තු ගෙවිය හැකි ක්‍රමයක් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
බස් ගාස්තු ලබා දුන් පසු ඉතිරි මුදල් ලබා නොදීම විශාල ගැටලුවක් බැවින් එයට විසඳුමක් ලෙස මෙසේ බැංකු කාඩ්පතක් හරහා බස් ගාස්තු ගෙවිය හැකි ක්‍රමය හඳුන්වා දෙන බවයි අද (14) අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.








