UPDATE: විපක්ෂ මන්ත්‍රීවරු 4 ක් අයවැයට පක්ෂව ඡන්දය දෙයි

2026 වර්ෂයට අදාල අයවැය දෙවැනිවර කියවීම අද (14) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 118 කින් සම්මත වුණා.

ඒ අනුව ඡන්දය භාවිතා කිරීමේදී දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේසන්, පලනි දිගම්බරම්, වී. රාධක්‍රිෂ්ණන් සහ ජීවන් තොණ්ඩමාන් (CWC) අයවැයට පක්ෂව ඡන්ය භාවිතා කර තිබෙනවා.

දෙමළ සංන්ධානයේ මන්ත්‍රීවරුන් ඡන්ද‍ය ලබාදීමෙන් වැළකී සිට ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.