2026 වසරේ පාසල් විභාග පැවැත්වෙන දින පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

2026 වසර තුළදී පාසල් විභාග පැවැත්වෙන දින සම්බන්ධයෙන් ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර ති‍බෙනවා.

ඒ අනුව, 2025 වසරට අදාළව පැවැත්වීමට නියමිතව ඇති සාමාන්‍ය පෙළ විභාගය 2026 වසරේ පෙබරවාරී 17 වැනිදා සිට පෙබරවාරි 26 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

2026 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය 2026 අගෝස්තු 09 වැනිදා දින පැවැත්වෙන අතර, උසස් පෙළ විභාගය 2026 අගෝස්තු 10 වැනිදා සිට සැප්තැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

එසේම, 2027 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට, පළමුවරට පෙනී සිටින සිසුන් සඳහා නියමිත සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2026 ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමටත් නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

2026 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය 2026 දෙසැම්බර් 08 සිට දෙසැම්බර් 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.