වතු කම්කරුවන් වෙනුවෙන් රජය සිදුකළ වැටුප් වැඩි කිරීමට තම පක්ෂය ද සහාය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
වතු කම්කරු ප්‍රජාවගේ වැටුප සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මේ අතර, ප්‍රජාශක්ති නමින්, දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පෙන්වා දෙමින් වත්මන් රජය සිදුකරන්නේ ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් කිරීමේ දේශපාලන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීම බවට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.
විපක්ෂ නායකවරයා ඒ බව පවසා සිටියේ, විපක්ෂයේ දේශපාලන පක්ෂ ඊයේ (14) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.








