සෞඛ්‍ය ක්ෂේත්‍රය නොසලකා හැරලා – සජිත්

අයවැය හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට පහසුකම් රැසක් ලබා දිය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් ඊයේ (13) විපක්ෂ නායකවරයා හමුවූ අවස්ථාවේදීයි ඔහු මෙසේ පවසා ඇත්තේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ නිදහස් සෞඛ්‍ය සේවාව තුළ පිටතින් ඖෂධ මිලදී ගැනීම සිදු නොවිය යුතු බවයි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සියලුම විශේෂඥ වෛද්‍යවරුන් අද දිනයේදී එම සංගමයේ මූලස්ථානය වෙත කැඳවා තිබෙනවා.

ඒ මෙවර අයවැය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.