අල, ලූනු ගැටලුව විසඳන්න අයවැයෙන් රුපියල් කෝටි සියයක් – ජනපති

ප්‍රතිගාමීත්වයට එරෙහිව මහජන බලයත් ගොඩනගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේදී පැවති ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ 36 වැනි ඉල්මහ විරු සමරුවට ඊයේ (13) එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

එසේම ගොවීන්ගේ අල, ලූනු ගැටලුව විසඳීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් කෝටි සියයක් වෙන් කර ඇති බවයි.

මේ අතර, “සමාජවාදය ජීවමාන අපේක්ෂාවක් “ යන්න තේමා කර ගනිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ 36 වැනි ඉල්මහ විරු සැමරුම ඊයේ පස්වරුවේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමන් රංගපීඨයේ දී පැවැත්වුණේ එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයින් ඇතුළු පාක්ෂිකයින් රැසකගේ සහභාගීත්වයෙන්.