මෙරට රත්රන් මිල යළිත් ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළ පවසනවා.
ඒ අනුව, අද පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 310,800 ක් ලෙස දැක්වුණු අතර, ඊයේ දිනයේ එහි මිල දැක්වුණේ රු. 301,500 ක් ලෙසයි.
ඊයේ දිනයේදී රු. 326,000 ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රු. 336,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළ වැඩිදුරටත් සඳහන් කරන්නේ.








