පිරි­වෙන් අධ්‍යා­පන පනත කාලීන අව­ශ්‍ය­තා­වන්ට අනුව සංශෝ­ධ­නය කළ යුතුයි

පිරි­වෙන් අධ්‍යා­පන පනත කාලීන අව­ශ්‍ය­තා­වන්ට ගැළ­පෙන ලෙස සංශෝ­ධ­නය කළ යුතු බව අග්‍රා­මාත්‍ය, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන හා වෘත්තීය අධ්‍යා­පන ඇමැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (12) පැව­සු­වාය.

ත්‍රෛනි­කා­යික මහා නායක ස්වාමීන් වහ­න්සේලා විසින් නම් කරන ලද නියෝ­ජිත විද්වත් ස්වාමීන් වහ­න්සේලා ඇතු­ළත් සාමා­ජි­ක­යන් හත් දෙන­කු­ගෙන් සම­න්විත විශේ­ෂඥ කමි­ටු­වක් විසින් වර්ත­මා­න­යට ගැළ­පෙන පරිදි නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ වැඩ­ස­ට­හ­නට අනු­කූ­ලව සහ මුල් පනතේ සඳ­හන් විධි­වි­ධාන හා නියෝ­ග­ව­ලට හානි­යක් නොවන ආකා­ර­යට පිරි­වෙන් අධ්‍යා­පන පන­තට අවශ්‍ය සංශෝ­ධන ඇතු­ළත් කෙටු­ම්පත් සකස් කර­ගෙන යන බවත් අග්‍රා­මා­ත්‍ය­ව­රිය පැව­සු­වාය.

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා 27 (2) යටතේ ඇසූ ප්‍රශ්න­යට පිළි­තුරු දෙමින් අග්‍රා­මා­ත්‍ය­ව­රිය මේ බව කියා සිටි­යාය.

පිරි­වෙන් මණ්ඩ­ලයේ උප­දෙස් අනුව මෙම කමි­ටුව පත් කරන බවත් පිරි­වෙන් අධ්‍යා­ප­නය මෙරට සුවි­ශේෂ ස්ථාන­යක් ගන්නා අතර එම සුවි­ශේ­ෂි­ත්වය රැක ගනි­මින් වර්ත­මා­න­යට ගැළ­පෙන පරිදි ශක්ති­මත් කළ යුතු බවත් අග­මැ­ති­ව­රයා ප්‍රකාශ කළාය.

වර්ත­මාන පිරි­වෙන් අධ්‍යා­පන පනත වර්ෂ 45ක් පැරණි නිසා නූතන අධ්‍යා­පන ක්‍රම­ව­ලට සහ කාලීන අව­ශ්‍ය­තා­ව­ලට ගැළ­පෙන පරිදි වෙනස් කළ යුතු බවත් නිද­සු­නක් ලෙස පරි­වෙ­ණා­චා­ර්ය­ව­රුන්ට රජයේ පාසල් ගුරු­ව­රුන්ට හිමි වැටුප් පරි­මාණ සහ ශ්‍රේණි උස­ස්වීම් ආදී සියලු වර­ප්‍ර­සාද ලබා දී ඇති අතර ඔවුන් බඳවා ගැනීම සඳහා සලකා බලන අධ්‍යා­පන සුදු­සු­කම් සංශෝ­ධ­නය කළ යුතු බවත් අග­මැ­ති­ව­රිය පැව­සු­වාය.