ලෝක බොරතෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් මේ වනවිට අඩුවී තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දිනක් තුළ ඩොලර් 2කට වැඩි සංඛ්‍යාවකින් පහළ බැස ඇති බවයි.
ඒ අනුව අද උදෑසන වනවිට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ 62.71ක් ලෙසයි.
ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 58.33ක් ලෙස දැක්වුණා.
ඉල්ලුමට සරිලන සැපයුම තිබීම මෙලෙස මිල පහළ යාමට හේතුවී තිබෙනවා.








