අමෙරිකානු රජයේ දීර්ඝතම වසා දැමීම අවසන් කිරීමට ට්‍රම්ප්ගේ අත්සන

අමෙරිකානු ඉතිහාසයේ දීර්ඝතම රජයේ වසා දැමීම අවසන් කිරීම සඳහා වූ පනතට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.

මෙම පනතට අත්සන් තැබීමත් සමඟ, දින 43ක් පුරා (ඔක්තෝබර් 1 සිට නොවැම්බර් 12 දක්වා) ඇනහිට තිබූ ෆෙඩරල් රජයේ ආයතනවල කටයුතු යළි ආරම්භ වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මෙම අර්බුදය හේතුවෙන් ෆෙඩරල් සේවකයන් ලක්ෂ ගණනකට වැටුප් නොමැතිව සිටීමට සිදු වූ අතර, ගුවන් ගමන් පාලනය සහ ආහාර ආධාර වැනි අත්‍යාවශ්‍ය සේවාවන් පවා බිඳ වැටීමකට ලක්වුණා.

අමෙරිකානු ඉතිහාසයේ දීර්ඝතම රජයේ වසා දැමීම අවසන් කිරීම සඳහා වූ පනතට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඡන්දය දී සම්මත කරනු ලැබුවා.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද අනුව පක්ෂව ඡන්ද 222ක් ලැබුණා. මෙයට ඩිමොක්‍රටිකයන් 6 දෙනෙක් ඇතුළත්.

විපක්ෂව ලැබුණේ ඡන්ද 209ක් පමණයි. මෙයට රිපබ්ලිකානුවන් 2 දෙනෙක් ඇතුළත් වුණා.

ජනාධිපති ට්‍රම්ප් මෙම යෝජනාව ෆෙඩරල් රජය යළි විවෘත කිරීම රිපබ්ලිකානුවන්ට විශාල ජයග්‍රහණයක් ලෙස ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු අදහස් දක්වමින් කියා සිටියේ, “අපේ රටට වෛර කරන මිනිසුන්ට පමණයි එය විවෘත නොවී තිබෙනවා දකින්න ඕන” යනුවෙන්.

රජය යළි විවෘත කරන බවට වූ කොංග්‍රස් ඡන්දය අපේක්ෂාවෙන්, වෝල් ස්ට්‍රීට් කොටස් අද උදෑසන ඉහළ ගොස් තිබුණා.

වසා දැමීම අවසන් කිරීමේ ක්‍රියාවලිය සිදුවෙමින් තිබියදී, ලිංගික අපයෝජනයට වරදකරු වූ මූල්‍යවේදියෙකු වන ජෙෆ්රි එප්ස්ටයින් සම්බන්ධ චෝදනා පිළිබඳව අවධානය යොමු කරන ඊමේල් පණිවුඩ ඩිමොක්‍රටිකයන් විසින් නිකුත් කර තිබුණු බව විදෙස් වාර්තාවල සඳහන්.

නිකුත් කරන ලද ඊමේල්වලින් ඇඟවෙන්නේ, එප්ස්ටයින් විසින් යෝජනා කර ඇත්තේ ට්‍රම්ප් මියගිය මූල්‍යවේදියාගේ අපයෝජනය සහ ගැහැණු ළමයින් ගැන ට්‍රම්ප් දැන සිටි බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින්, ජනාධිපති ට්‍රම්ප් මෙය ඊමේල් වංචාවක් (hoax) ලෙස හඳුන්වා දී තිබුණා.

ඔහු චෝදනා කරන්නේ, ඩිමොක්‍රටිකයන් රජයේ වසා දැමීම සම්බන්ධයෙන් අවධානය වෙනතකට යොමු කිරීමට උත්සාහ කරන බවයි.

අමෙරිකානු රජය විසින් අත්‍යාවශ්‍ය සේවා හැර සෙසු සියලු සේවා අත්හිටුවමින්දින 42ක් රජය වසා දැමීමට පියවර ගෙන තිබුණා.

එරට ඉතිහාසය තුළ මීට පෙර 11 වතාවක් ද මෙලෙසම අමෙරිකානු රජය වසා දැමීමට පියවර ගෙන තිබුණා.