රටම එකට ජාතික මෙහෙයුම : මත්ද්‍රව්‍ය වැටලීම් 1087 කින් සැකකරුවන් 1099 ක් අත්අඩංගුවට

‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (12) දිනයේදී මත්ද්‍රව්‍ය වැටලීම් 1087 ක් සිදු කර තිබෙනවා.

එම වැටලීම්වලදී සැකකරුවන් 1099 ක් අත්අඩංගුවට ගත් බවත්, 57 දෙනෙක් පුනරුත්ථාපනයට යොමු කළ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 354 කින් හෙරොයින් ග්‍රෑම් 731 ක් සොයාගෙන ඇති අතර, අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 395 ක් අතරින් අයිස් කි‍ලෝ 330 යි ග්‍රෑම් 165 ක් සොයාගෙන ඇති බවද සඳහන්.

මීට අමතරව, වැටලීම් 260 කින් ගංජා කි‍ලෝග්‍රෑම් 33 යි ග්‍රෑම් 60 ක් හා ගංජා පැළ 36,120 ක්ද සොයාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ සම්පූර්ණ වාර්තාව පහතින්.

 news images