බුද්ධ ශාසන සභාව පිහිටුවූයේ ත්‍රෛනි­කා­යික පාර්ශ්ව 31 කැඳවලයි

බුද්ධ ශාස­නය සුර­ක්ෂිත කිරීම සඳහා ත්‍රෛනි­කා­යම නියෝ­ජ­නය වන පරිදි පාර්ශ්ව 31 කැඳවා බුද්ධ ශාසන සභාව පිහි­ටු­වීම සිදු කළ බව බුද්ධ ශාසන, ආග­මික සහ සංස්කෘ­තික කට­යුතු ඇමැති මහා­චාර්ය හිනි­දුම සුනිල් සෙනෙවි මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (11) පැව­සීය.

බුද්ධ ශාස­නය ආරක්ෂා කර­ගැ­නීම සඳහා කැපවූ ස්වාමීන් වහ­න්සේ­ලාගේ ආර­ක්ෂා­වට සහ ශාසන විරෝධි කට­යු­තු­වල නිරත ස්වාමීන් වහ­න්සේලා සම්බ­න්ධව රජය කට­යුතු කර­නුයේ ත්‍රෛනි­කා­යික නායක ස්වාමීන් වහ­න්සේ­ලාගේ අනු­ශා­සනා පරිදි බව ද ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා 27 (2) යටතේ ඇසූ ප්‍රශ්න­යට පිළි­තුරු දෙමින් ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

මහා­නා­යක ස්වාමීන් වහ­න්සේ­ලාගේ අනු­ශා­සනා පරිදි පව­තින නීති­රීති ශක්ති­මත් කිරී­මට රජය කට­යුතු කරන්නේ යැයි ද ඇමැ­ති­ව­රයා කීය.

මෙම වැඩ­පි­ළි­වෙළ තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට මහා­නා­යක ස්වාමීන් වහ­න්සේ­ලාගේ උප­දෙස් පරිදි ත්‍රෛනි­කා­යම නියෝ­ජ­නය වන ලෙස පාර්ශ්ව 31 කැඳවා බුද්ධ ශාසන සභාව පිහි­ටුවා ගත් බවත් යහ­පත් මඟ­පෙ­න්වී­මක් එම­ඟින් ලැබෙන බව ද ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවා­ල­ගම් ආඥා පනතේ 41, 42 වගන්ති සංශෝ­ධ­නය සඳහා අමාත්‍ය මණ්ඩල අනු­මැ­තිය ගෙන ත්‍රෛනි­කා­යික මහා­නා­යක ස්වාමීන් වහ­න්සේ­ලාගේ අනු­ශා­සනා පරිදි කට­යුතු කර­මින් නීති කෙටු­ම්පත් සම්පා­දක දෙපා­ර්ත­මේ­න්තුව වෙතින් සංශෝ­ධන සකස් කර නීති­පති නිරී­ක්ෂ­ණ­යට යොමු­කර ඇති බවත් ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

ස්වර්ණා විජේ­කෝන්, මහින්ද අලු­ත්ගෙ­දර, සන්ධ්‍යා කරු­ණා­රත්න