පොහොර සහනාධාරය නැතිව මහ කන්නයත් අවදානමේ

2025 මහකන්නය ආරම්භ කර ඇතත් රජයෙන් ලබාදෙන පොහොර සහනාධාරය තවමත් ලැබී නොමැති බව අම්පාර ගල්ඔය ගොවීන් චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ අවශ්‍ය පොහොර නොලැබීමෙන් මෙවර මහ කන්නයේද අපේක්ෂිත අස්වනු ප්‍රමාණය නොලැබීමේ අවදානමක් මතුවන බවයි.

මේ අතර ලූූනු සඳහා රජයෙන් සාධාරණ මිලක් ලබා නොදීමට විරෝධය පල කර දඹුල්ල ප්‍රාදේශිය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ එම සභාවට ගොස් තිබුණේ ලොකු ලූනුවලින් සැකසූ මල් මාලා දමාගෙනයි.

පසුව මහසභා රැස්වීමේදී ද ලොකු ලූනු ගැටලළුව පිළිබඳ වාද විවාද කිරීමත් සමග සභාවේ උණුසුම් තත්ත්වයක් හටගත් බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.