පාකි­ස්තා­නයේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­යමේ ආර­ක්ෂාව තහ­වුරු කරන බවට ජන­පති සහ­තික වෙයි

පාකි­ස්තා­නයේ පැවැ­ත්වෙන ක්‍රිකට් තර­ගා­ව­ලි­ය­කට සහ­භාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­යමේ ආර­ක්ෂාව තහ­වුරු කිරී­මට අවශ්‍ය සෑම පිය­ව­රක්ම ගන්නා බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සහ­තික වෙයි.

එරට ඉස්ලා­මා­බාද් නුව­රට බෝම්බ ප්‍රහා­ර­යක් එල්ල වීමෙන් දැඩි නොස­න්සු­න්කාරි තත්ත්ව­යක් හට ගෙන ඇති අතර එම තත්ත්වය හේතු­වෙන් එරට පැවැ­ත්වෙන ක්‍රිකට් තර­ගා­ව­ලිය පිළි­බ­ඳව ද දැඩි අව­ධා­න­යක් යොමුව තිබේ.

ශ්‍රී ලංකාව, පාකි­ස්තා­නය හා සිම්බාබ්වේ අතර පැවැ­ත්වෙන පන්දු­වාර 20යි 20 තුන් කොන් ක්‍රිකට් තර­ගා­ව­ලි­යක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­යම පාකි­ස්තා­නයේ රාව­ල්පිණ්ඩි වෙත ගොස් සිටී.

දැනට එහි එක් තර­ග­යක් පම­ණක් පවත්වා ඇති අතර තවත් තරග ගණ­නා­වක් ඉදි­රි­යේදි පැවැ­ත්වී­මට නිය­මි­තය.

ක්‍රිකට් පාලක මණ්ඩ­ලයේ සභා­පති සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩා­යමේ ප්‍රධාන පුහු­ණු­කරු සනත් ජය­සූ­රිය සමඟ පෞද්ග­ලි­ක­වම කතා කළ ජනා­ධි­ප­ති­ව­රයා තර­ගා­ව­ලි­යට සහ­භාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­යමේ ආර­ක්ෂාව තහ­වුරු කිරී­මට ගත හැකි සෑම පිය­ව­රක්ම ගන්නා බවට සහ­තික වී තිබේ.

ආර­ක්ෂක ලේකම් සම්පත් තුයි­ය­කොන්තා මහතා පාකි­ස්තා­නයේ ආර­ක්ෂක ප්‍රධා­නීන් සමඟ සාකච්ඡා කර ඇති අතර, මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­ය­මට විශේෂ ආර­ක්ෂා­වක් ලබා දී තිබේ. ඔවුන් නවා­තැන් ගන්නා හෝට­ල්ව­ලට ද ආර­ක්ෂක කණ්ඩා­යම් යොදවා ඒ බව තහ­වුරු කර තිබේ.

1996 ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලිය අව­ස්ථාවේ මෙරට පැවති බෝම්බ බිය හේතු­වෙන් ඇතැම් රට­වල ක්‍රිකට් කණ්ඩා­යම් ශ්‍රී ලංකා­වට පැමි­ණීම ප්‍රති­ක්ෂේප කරද්දි පාකි­ස්තානු ක්‍රිකට් කණ්ඩා­යම ශ්‍රී ලංකා­වට පැමිණ දැක්වූ සහාය සිහි­පත් කරන ජනා­ධි­ප­ති­ව­රයා ඊට කෘත­ගුණ දැක්වී­මක් ලෙස ද මෙම තර­ගා­ව­ලිය අව­සන් වන තෙක් එරට රැඳී­සි­ටින ලෙස ක්‍රිකට් කණ්ඩා­ය­මට උප­දෙස් දී තිබේ.

එසේම ඒ කාලය තුළ ඔවුන්ගේ ආර­ක්ෂාව තහ­වුරු කිරී­මට ගත හැකි සෑම පිය­ව­රක්ම එරට රජය සමඟ එක්ව ගන්නා බවට ද ජනා­ධි­ප­ති­ව­රයා සහ­තික වී තිබේ.