මෙරටින් වාර්තා වී ඇති සමස්ත අපරාධවලින් 70%කට ආසන්න ප්‍රමාණයක විමර්ශන පවත්වා අවසන් කිරීමට පොලීසියට මේ වන විට හැකියාව ලැබී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ දී ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ පොලීසියට වාර්තා වන අපරාධ, වෙඩිතැබීම්, අනතුරු, බරපතළ අනතුරු විමර්ශනය කිරීම අභියෝගයක් වුවත් එම අභියෝග කඩිනමින්, ස්වාධීනව හා බලපෑමකින් තොරව විමර්ශනය කිරීමේ හැකියාව ශ්‍රී ලංකා පොලීසියට හිමිව ඇති බවයි.
මෙලෙස වාර්තා වන අපරාධ පුද්ගල එදිරිවාදිකම් පිරිමසා ගැනීමට සිදු කරන ඒවාද, කල්ලි කල්ලි අතර ඇතිවූ එදිරිවාදිකම් හේතුවෙන් සිදුවූවක් ද, වෘත්තීමය හෝ ව්‍යාපාරික කටයුතු වශයෙන් ඇති වූ එදිරිවාදිකම් මත සිදුවූවක්ද ආදී වශයෙන් විවිධ පැති ඔස්සේ විමර්ශනය කෙරෙන බවත් මෙම විමර්ශන සාර්ථක කර ගැනීමට මහජනතාව දක්වන සහාය ගෞරවණීය බව ද ඒ මහතා පැවැසීය.
රන්මලී සෝමසිරි, ශිමාෂා විරක්කොඩි








