නොවැම්බර් මාසයේ අස්වැසුම දීමනාව හෙට බැංකු ගිණුම් වෙත

ප්‍රතිලාභී පවුල් 1,415,738ක් සඳහා නොවැම්බර් මාසයේ දී අස්වැසුම දීමනා ලබා දීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, රුපියල් බිලියන 11.2කට වැඩි මුදලක් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත හෙට (13) බැර කෙරෙන බවයි සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරන්නේ.