වෛද්‍යවරු නොවැම්බර් 17 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණයක්

නොවැම්බර් 17 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

වෛද්‍යවරුන්ගේ ගැටලුවලට අයවැයෙන් විසඳුම් ලබා නොදීම හේතුවෙන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේ දී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සෞඛ්‍ය සායනවලදී, රෝහල්වලට පිටතින් ඖෂධ ගැනීම සඳහා ඖෂධ වට්ටෝරු නිකුත් නොකිරීමට ද තීරණය කර ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.