අයවැය දෙවන වර කියවීමේ විවාදයේ සිව්වන දිනය අද

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ සිව්වන දිනය අද (12) පැවැත්වෙනවා.

ඒ අනුව, පාර්ලිමේන්තු රැස්වීම පෙරවරු 9.30 ට ආරම්භ වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 14 වැනිදා දක්වා දින 06 ක් පැවැත්වීමට නියමිතයි.

අනතුරුව, නොවැම්බර් 14 වැනිදා ප.ව. 6.00 ට අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.