රොබෝ තාක්ෂණය යොදා ගනිමින් 5G තාක්ෂණයෙන් මෙහෙයුම් කරනු ලබන ජලජ අපද්‍රව්‍ය ස්වයංක්‍රීයව එකතු කිරීමේ ව්‍යාපෘතියක් ඩයලොග් ආසියාටා සමාගම සහ සමුද්‍රිය පරිසර අධිකාරීයේ ඒකාබද්ධ සහයෝගයෙන් ආරම්භ විය.
මෙම ව්‍යාපෘතිය යටතේ, 5G තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන රෝබෝ යාත්‍රාවක් ශ්‍රී ලංකාවට ප්‍රථම වතාවට හඳුන්වා දුන් අතර මෙම ස්වයංක්‍රීය රෝබෝ යන්ත්‍රය, ජලය මත පාවෙන ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය ඉහළ කාර්යක්ෂමතාවකින් යුතුව එකතු කිරීමේ හැකියාවෙන් යුක්ත වේ.
නවම් මාවත බේරේ වැව කේන්ද්‍ර කරගනිමින් ඊයේ (11) පෙරවරුවේ මෙම නවීන තාක්ෂණික යන්ත්‍රය හදුන්වා දුන් අතර පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර මහතා සහ Dialog Axiata PLC සමාගමේ ඉහළ කළමනාකාරීත්වයේ සහභාගි විය.
සාගරයට සහ වෙරළට සමුද්‍රීය අපද්‍රව්‍ය එකතු වීම දිනෙන් දින ඉහළ යමින් පවතින අතර සමුද්‍රීය අපද්‍රව්‍යවලින් සියයට 80කටත් වඩා වැඩි ප්‍රමාණයක් ගංගා, ඇළ දොළ වැනි රට අභ්‍යන්තර ජල මාර්ග ඔස්සේ සාගරයට එක්වන බැවින් තාක්ෂණික විසඳුමක් ලෙස මෙම යන්ත්‍රය හදුන්වා දි තිබෙනවා.අපද්‍රව්‍ය සාගරයට ඇතුළු වීමට පෙර එකතු කර පාලනය කිරීමට මෙම යන්ත්‍රය භාවිතා කරමින් සිදුකරනු ලබයි.
5G තාක්ෂණයේ ඉහළ වේගවත් ධාරිතාව සහ අඩු ප්‍රමාද වේලාව හේතුවෙන්, රෝබෝ යන්ත්‍රය දුරස්ථව සිට පවා නිරවද්‍යව සහ ස්වංයන්ක්රියව මෙහෙයවීමට සහ අපද්‍රව්‍ය හඳුනාගැනීමට හැකියාව පැවතීම මෙම යන්ත්‍රයේ විශේෂත්වයකි.









