සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,500 සීමාව ඉක්මවා යයි

කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (10) දහවල් වන විට ඒකක 23,500 සීමාව ඉක්මවීමට සමත්ව තිබෙනවා.

දෛනික ගනුදෙනු සැසියක් අතරවාරයේ දී, සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,500 සීමාවට පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය ලෙසයි වාර්තා ‍වන්නේ.

අද දහවල් 12.45 වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,519.89 ක් ලෙසින් සටහන්ව තිබුණා.