මීට පෙර මන්ත්‍රීවරුන්ට ලබා දුන් වාහන බලපත්‍රයට වඩා වැඩි මුදලක් ඩබල් කැබ් 225 නඩත්තුවට යන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක පවසනවා.
ඒ අනුව, ඩබල් කැබ් 225ක් අවුරුදු 5ක් තුළ නඩත්තුවට කොතරම් මුදලක් යාවි ද යි ගැටලුවක් මතුවන බව ද මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළා.
මේ අතර, මීට පෙර පැවති ආණ්ඩු කාලවල දී වත්මන් රජයේ පිරිස් උපාධිධාරීන්ට ප්‍රකාශ කළේ, තම ආණ්ඩුවක් පැමිණි පසු රැකියා ලබා දෙන බවත්, නමුත් ඔවුන් දැන් ප්‍රකාශ කරන්නේ පාරේ නොසිටින ලෙසත්, ගෙදර ගොස් පාඩම් කරන ලෙසත් බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.








