තලාවේ බස් අනතුරකින් පාසල් සිසුන් ඇතුළු පිරිසක් රෝහල්ගත කෙරේ

අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් පෙරළී යාමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

එම අනතුරෙන්, පාසල් සිසුන් ඇතුළු පිරිසක් රෝහල්ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පුද්ගලයින් 25 කට වැඩි පිරිසක් තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවත්, තුවාල ලැබූවන් අතර උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන් ද සිටින බවයි ‍පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.