අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අදයි.
අයවැය දෙවන වර කියවීමේ විවාදය මේ මස 14 වැනිදා දක්වා පැවැත්වෙන අතර, එහි ඡන්ද විමසීම පැවැත්වෙන්නේ එදින පස්වරු 6 ටයි.
ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය තුන්වන වර කියවීමේ විවාදය මේ මස 15 වැනිදා සිට ලබන මස 5 වැනිදා දක්වා පැවැත්වෙන අතර අයවැය තුන්වනවර කියවීම හෙවත් අවසන්වර ඡන්ද විමසීම දෙසැම්බර් 5 වැනිදා පස්වරු 6ට සිදුකිරීමට නියමිතයි.








