බඩවැලේ කොටසක් තවත් කොටසක් ඇතුළතට යැවෙන, එහෙම රිංගන තත්ත්වයක් ගැන අහලා තියෙනවද? ඒත් එහෙම ලෙඩක් තියෙනවා. ඒකට කියන්නේ Intussusception කියලා. Intussusception බොහෝ වේලාවට කුඩා ළමුන්ට (මාස 3-36 අතර) සෑදීමට ඇති අවදානම ඉහළයි. ඒත් වැඩිහිටියන්ටත් මේ රෝගය සෑදෙන්න පුළුවන්.
ඇයි Intussusception සෑදෙන්නේ?
ළමයින්ටයි ලොකු අයටයි සෑදෙන හේතු වෙනස් වෙනවා. ළමයින්ටකුඩා ළමුන්ගේ ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිතව ඇතිවෙන වයිරස් ආසාදන නිසා බඩවැල ඉදිමීම හෝ බඩවැල් ආශ්රිත වසා ගැටිති විශාල වීම නිසා Intussusception ඇතිවීමට පුළුවන.
වැඩිහිටියන්ටබඩවැලේ ඇතිවෙන ගෙඩි (පිළිකාමය හෝ පිළිකාමය නොවන) වැනි තත්ත්වයන් මෙන්ම හේතුවක් නැතිව වුණත් Intussusception සෑදෙන්න පුළුවන.
රෝග ලක්ෂණ️
උදරයේ තද වේදනාව – කුඩා ළමුන් නිතර අැඬීම මෙන්ම, තරමක් ලොකු ළමුන් පවා උදරයට අත තබාගෙන ඇඬීමට මෙහිදී ඉඩ තිබෙනවා.
සාමාන්‍යයෙන් මේ රෝගයේදී උදරයේ තදබල වේදනාවන් විනාඩි 15කට 20 කට වතාවක් එන්න පුළුවන්.
️වමනය
️රතු පැහැයෙන්, ජෙලි වගේ මලපහ පිටවීම.
ලෙඩේ හොයාගන්නා හැටි?
️Ultrasound scan එකකින් හඳුනාගන්න පුළුවන්
️CT scan කරන්නට වෙන අවස්ථාත් තියෙනවා. (විශේෂයෙන්ම වැඩිහිටියන්ට)
ප්‍රතිකාර (Treatment)
️Hydrostatic Reduction
මෙහිදී බඩවැල ඇතුළතට සේලයින් යැවීමෙන් බඩවැල යථා තත්ත්වයට පත් කරයි
️ මෙහිදී ශල්‍යකර්ම මඟින් බඩවැල් කපා සැකසීමට වන අවස්ථා තියෙනවා.
මේ අනුව Intussusception කියන්නේ හදිසි තත්ත්වයක්. ළමයෙකු හෝ වැඩිහිටියකුට උදරය තද වී එන වේදනාවක් සමඟ රතු පැහැති ජෙලි වැනි අයුරින් මලපහ පිටවේ නම් වෛද්‍යවරයකු හමු වීම වැදගත්.
වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න








