හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් වැඩිදුර විභාගය සඳහා ජනවාරි මස 19 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම පැමිණිල්ල අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී, කුරුඳුවත්ත පොලිසියේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු වී ඇති බවයි සඳහන් වන්නේ.
ඉන් අනතුරුව, වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි මස 19 වැනිදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
2016 පෙබරවාරි 06 වැනිදා එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී, ඊට විරෝධය පළ කරමින් කොළඹ තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වීම තුළින්, මංමාවත් පනත සහ පොලිස් ආඥා පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.








