ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාජ-ආර්ථික ගැටලුවක් වන අලි-මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින්, ගම්වැදීමෙන් ජනතාවට හානි කරන වන අලින් නැවතත් හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය වෙත පළවා හැරීමේ විශේෂ මෙහෙයුමක් මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
ඒ යටතේ මේ අද (09) දිනය වන විට වන අලි 34 දෙනකු රක්ෂිත ප්‍රදේශය වෙතට පළවා හැරීමට හැකි වී ඇතැයි ද වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගියදා ආරම්භ කරන ලද මෙම දැවැන්ත මෙහෙයුම මේ වන විට අටවැනි දිනටත් ක්‍රියාත්මක වන අතර, එමගින් රක්ෂිතය දෙසට වන අලි පළවා හැරීම සැලසුම් සහගතව සිදු කෙරෙනවා.
මෙම මෙහෙයුමේදී අලින් පළවා හැරීම සඳහා බැකෝ යන්ත්රද යොදා තිබෙනවා. මෙමගින් වේගවත් හා ක්රමානුකූල පළවා හැරීමේ ක්‍රියාවලියක් පවත්වාගෙන යෑම සිදු කෙරෙනවා.
මෙහෙයුම් මගින් හම්බන්තොට නාගරවැව ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින්, ගම්වැසියන්ට තර්ජනයක් වූ අලි ඇතුන් පළවා හැරීම සිදු කෙරෙනවා.
වනජීවී නිලධාරීන් මෙම මෙහෙයුම සම්බන්ධයෙන් අවධාරණය කරන්නේ, අලි ඇතුන්ට කිසිදු හානියක් සිදු නොවෙන අයුරින් ඔවුන්ට නිශ්චිතව වෙන් කළ වාසස්ථාන වෙතට පමණක් පළවා හරින බවයි.








