කාම්බෝජයේ ලාංකික සරණාගතයන් පිරිසක් ගෙන්වා ගැනේ

කාම්බෝජයේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු මෙරටට ගෙන්වාගෙන තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

පිරිමි 05ක් සහ එක කාන්තාවකගෙන් සන්විත එම පිරිස ඊයේ (08) රාත්‍රියේ ශ්‍රී ලකාවට පැමිණි බවයි සඳහන්.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ඉල්ලීම මත කාම්බෝජ පොලීසිය මැදිහත් වී මෙම පිරිස ශ්‍රී ලංකාවට එවීමටයි කටයුතු කර තිබෙන්නේ.

මිනිස් වෙළඳාම්කරුවන් IT ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා දෙන බවට සහ කැනඩාව ඇතුළු යුරෝපීය රටවලට යවන බවට පොරොන්දු වෙමින් තරුණ තරුණියන් කාම්බෝජය වෙත ගෙන්වා අතරමං කරන ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු හෙළි වී ඇතැයිද එම අමාත්‍යාංශ නිලධාරයෙක් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

පසුගිය කාලය පුරා තායිලන්ත හා මියන්මාර තානාපති කාර්‍යාල හරහා දියත් කළ මෙහෙයුම් හේතුවෙන් නැගෙනහිර ආසියානු කලාපයේ මිනිස් වෙළඳාමට ගොදුරු වූ සියයකට අධික පිරිසක් බේරා ගැනීමට රජය සමත් වුණා.