උසස් පෙළ විභාගය හෙට ආරම්භ වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (09) ආරම්භ වනවා.

ඒ අනුව, උසස් පෙළ විභාගය හෙට සිට දෙසැම්බර් 05 වැනි දා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සියලු ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථානවලට භාර දී ඇති බව ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මෙවර විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන සංඛ්‍යාව 2,362ක් වන අතර, එම මධ්‍යස්ථානවලට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙවර උසස් පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 246,521ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004ක් ඇතුළුව සම්පූර්ණ අයදුම්කරුවන් 340,525ක් පෙනී සිටීමට නියමිත අතර, ඔවුන් විභාග මධ්‍යස්ථාන 2,362ක දී උසස් පෙළ විභාගය සඳහා මුහුණ දීමට නියමිතයි.