‘ගනේමුල්ල සංජීව‘ ඝාතනය පසුපස ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් 09ක්

පාතාල කල්ලි නායකයෙකු වන ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ ක්‍රියාදාමය පසුපස ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් 09 දෙනෙකු සම්බන්ධ වී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ (07) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් 09 දෙනාගෙන් 04 දෙනෙකු විදේශ රටවලට පලා ගොස් සැඟවී සිටින බවට තොරතුරු ලැබී තිබෙන බවද කොළඹ අපරාධ කොට්ඨාශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමට සංවිධානාත්මක අපරාධකරුවන් 6 දෙනෙකු සෘජුවම සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද පොලීසිය සඳහන් කරයි.

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ නඩුකරය ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැදවූ අවස්තාවේදි කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියා මේ බව අනාවරණය කළේය.