තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා 2023 වර්ෂයේ හෝ 2024 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ සඳහා අදාළ අයදුම්පත් මාර්ගගත (online) ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කළ යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
නොවැම්බර් 28 වැනිදා රාත්‍රී 12.00 දක්වා අදාළ අයදුම්පත් යොමු කළ හැකි අතර, නියමිත දිනට පසුව ඉදිරිපත් කරන අයදුම්පත් වලංගු නොවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.








